Bodhi Pooja Kavi - බෝධි පූජා කවි | Buddhist Puja Chantings | Bodhi Pooja Gatha | Dahami Desawana



0
325755

Bodhi Pooja Kavi - බෝධි පූජා කවි | Buddhist Puja Chantings | Bodhi Pooja Gatha බෝධි පූජා කවි රන්වන් පාටින් දළුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය දඹදිව් ත‍ලයේ හට ගත් බෝධිය සිරිලංකාවට වැඩමෙව් බෝධිය ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය දෙව්ලොව දෙවියන් පුදකල බෝධිය නාලොව සතියක් පුද ලද බෝධිය දෙනෝ දහස් දෙන වඳිනා බෝධිය අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පෑ ගෙනවා සමාව දී මගේ පව් අරවනවා බෝරජුනේ මට අවසර දෙනවා උඩමළුවේ බෝ රජු වැජබෙනවා දෙවැනි මළුවේ මල් පහන් දිලෙනවා මහා මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා පුන්සඳ මෙන් කඳු මුදුනේ දිස් වෙන රන්වන් සිවුරක් පොරවා රැස් දෙන තුන් ලොවටම මෙත් කරුණා වස් සන අන්න බලන් බුදු සමිඳුගෙ ලස් සන සම්මා සම්බුදු සමිඳුගේ මූණේ ලස්සන වෙන කිසි මලකත් නෑනේ අපි පුද දෙන මල් මිටි මිටි ගානේ සමිඳුගේ ඉදිරියේ පරවෙනවානේ නෙත සැනසිල්ල බුදු හිමි රුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය කරදරමයි ජීවිතයක හැමදාම මරණයට ටික ටිකවත් ළංවීම පින පමණයි තරමකවත් සැනසීම නිවන තමයි අපි කාටත් සැනසීම බුදුගුණ අරහං නවගුණ වේවා අරහං නවගුණ හදතුළ වේවා මරනෙදි මට කිසි බියක් නො වේවා මරනෙදි මට බුදු ගුණ සිහි වේවා ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න ගාථා සුගායනය, කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය පානදුර (0774138510) https://www.facebook.com/ethabediwewa.mahindarathanahimi ▶ Subscribe දැහැමි Desawana : http://bit.ly/SubscribeDahamiD ▶ Circle us on G+ : http://bit.ly/DahamiDGplus ▶ Like us on Facebook : http://bit.ly/DahamiDFanPage ▶ Follow us on Twitter : http://bit.ly/DahamiDTweet ▶ Visit Desawana Official Web : https://goo.gl/f30Fpp #BodhiPoojaKavi

Published by: දැහැමි Desawana Published at: 5 years ago Category: مردم و وبلاگ